කටුනායක NEXT කොරෝනා පොකුරක් මතුවේ,සේවකයන් 35,000ක් සමගින් කලාපේ තිගැස්සේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 10, 2020

කටුනායක NEXT කොරෝනා පොකුරක් මතුවේ,සේවකයන් 35,000ක් සමගින් කලාපේ තිගැස්සේ.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

එම කලාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කලාපයේ පිහිටි NEXT නමැති ඇඳුම් කම්හලේ සේවකයන් පිරිසකට මෙසේ වෛරසය ආසාදිත වී ඇති බවයි.

එම කම්හලේ සේවිකාවට වෛරස් ආසාදන වීම හේතුවෙන් එහි සේවය කරන සියලුම සේවකයන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට කටයුතු කර ඇත.

එම පරීක්ෂණ අනුව මෙම සේවකයින් 11 දෙනා ආසාදිතයන් වී ඇතැයි තහවුරු වී ඇත.

මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලාවල සේවකයන් 35,000 ක පමණ ප්‍රමාණයක් සේවයේ යෙදෙමින් සිටී.

පවතින වසංගත තත්වය මත ඔහුවට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි තදින්ම දන්වා ඇතති එහි ඇති ප‍්‍රායෝගික තත්වය මත එසේ කටයුතු කිරීම අසීරු වී ඇත.

උපුටාගැනිම - Lankacnews.


No comments:

Post a Comment

Post Bottom Ad