බිලියන 7.7ක පොල්ලක් තියලා : වෙළෙන්දන් සතොසට බඩු දීම නවත්වයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

බිලියන 7.7ක පොල්ලක් තියලා : වෙළෙන්දන් සතොසට බඩු දීම නවත්වයි !

සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය නොගෙවීම හේතුවෙන් සතොසට අත්‍යවශ්‍ය වෙළෙද ද්‍රව්‍ය සැපයීම සැපයුම්කරුවන් විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ හේතුව මත වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අත්පිට මුදලට පෞද්ගලික වෙළෙදුන්ගෙන් සතොසට වෙළෙද ද්‍රව්‍ය ලබා ගැනීම සදහා රුපියල් බිලියන 2ක මුදලක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බව දැනගන්නට ඇත.

දැනට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව රුපියල් බිලියන 7.7ක මුදලක් සතොස ආයතනය විසින් සිය සැපයුම්කරුවන්ට ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad