බන්ධනාගාරයේ දොරවල යතුරු පැහැර ගනී..නිලධාරිනියන් දෙදෙනා බැඳ දමයි..කාන්තාවන් අටක් හිරෙන් පනින්න හදයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 12, 2020

බන්ධනාගාරයේ දොරවල යතුරු පැහැර ගනී..නිලධාරිනියන් දෙදෙනා බැඳ දමයි..කාන්තාවන් අටක් හිරෙන් පනින්න හදයි !

බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනකුට පහරදී අත් පා බැඳ දමා පලා යාමට තැත් කළ කාන්තා රැඳවූවන් අටදෙනකු කුරුවිට බන්ධනාගාරයේදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිලධාරිනියන් දෙදෙනා සතුව තිබූ දොරවල් කිහිපයක යතුරුද ඔවුන් විසින් පැහැරගනු ලැබ ඇති බව වාර්තා වනවා.

මෙම රැඳවූවන් අටදෙනාම මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගත වූවන් වන අතර ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිට කුරුවිට බන්ධනාගාරයට මාරු කළ අය වනවා.

මෙම රැඳවූවන්ගේ පහර කෑමට ලක්වූ නිලධාරිනියන් දෙදෙනා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad