ජනාධිපති පී.බී. පසුපස නැටවෙනවා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 26, 2021

ජනාධිපති පී.බී. පසුපස නැටවෙනවා!

විස සහිත පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී ඇත්තේ ආණ්ඩුව බවත් ඒ පිටිපස ඇතැම් ඇමතිවරුන් ද සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

විෂ සහිත පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා ද සිටි සාකච්චාවකදී බවත් පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේය.

මෙම ජාවාරමට සම්බන්ධ ඇමතිවරුන් නිලධාරීන් ගණනාවකගේ මල්ල තරවන පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය මෙය බවද පැවසීය.

කාබනික පොහොර වැඩපිළිවෙළේ තිබූ අවුල්සහගත තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්මාන්තය බරපතල අගාධයකට වැටුණු බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පොහොර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා මහජන බැංකුවට අවස්ථා දෙකකදී කතා කර ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

රටේ ආර්ථික විනාශය පසුපස සිටින්නේ ජනාධිපති ලේකම්වරයා බව පැවසූ ඔහු අද සිටින්නේ පීබී ජයසුන්දර පිටුපස නැටවෙන ජනාධිපතිවරයෙක් බවද පැවසීය.

අගමැතිවරයාද පී බී ජයසුන්දර ගේ උවමනාව අනුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ වැය ශීර්ෂයේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.



No comments:

Post a Comment

Post Bottom Ad