රජයේ මුදල් පිලිබඳ කාරක සභාට සාමාජිකයන් පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 2, 2020

රජයේ මුදල් පිලිබඳ කාරක සභාට සාමාජිකයන් පත් කරයි



රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම්කාරක සභාව විසින් නම් කරන ලද සාමාජිකයන්ගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.


ඒ අනුව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, සරත් වීරසේකර, ඩී.වී.චානක, නාලක ගොඩහේවා, අනුර ප්‍රියදර්ශන යාපා ඊට ඇතුළත් බවයි කතානායකවරයා සඳහන් කළේ.


මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ඩිලාන් පෙරේරා, හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්දිරන්, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, ඉසුරු දොඩංගොඩ, අනූප පැස්කුවල්, සහන් ප්‍රදීප් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පත් කර තිබෙනවා.


මේ අතර, 2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම, පෙත්සම්කරු විසින් ඉල්ලා අස්කර ගන්නා බවට ඉල්ලීමක් කර ඇති බැවින් එම පෙත්සම නිෂ්ප්‍රභ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි ද කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

No comments:

Post a Comment

Post Bottom Ad