බෝට්ටුවක් දියවන්නාවේ ආරක්‍ෂිත දැලෙන් ‘පාර්ලිමේන්තු කළාපයට’ඇතුළු වීමට හදයි – ආරක්ෂක අංශවල යාත්‍රාවක ගැටී අයෙක් අතුරුදන්..තවත් අයෙක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 11, 2020

බෝට්ටුවක් දියවන්නාවේ ආරක්‍ෂිත දැලෙන් ‘පාර්ලිමේන්තු කළාපයට’ඇතුළු වීමට හදයි – ආරක්ෂක අංශවල යාත්‍රාවක ගැටී අයෙක් අතුරුදන්..තවත් අයෙක් අත්අඩංගුවට

ත්තරමුල්ල – දියවන්නාඔයේ පොල්දූව පාලම අසළින් ආරක්ෂිත දැල ඉවත් කොට පාර්ලිමේන්තු කලාපයට ඇතුලුවීමට උත්සාහ දැරූ ඔරුවක්, ආරක්ෂක අංශවල බෝට්ටුවක ගැටී එක් අයෙකු අතුරුදන් වී තිබෙනවා.

ඔහු සෙවීම සඳහා මේ වන විටත් පොලීසිය සහ කිමිදුම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වැලිකඩ පොලීසිය සඳහන් කළේ.

අතුරුදන් වූ පුද්ගලයා සහ තවත් අයෙකු දියවන්නා ඔයේ මසුන් මැරීම සඳහා අදාළ ඔරුවේ නැගී පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු වන අතර, ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා පොලිස් භාරයට ගෙන තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad