කිලිනොච්චියේ කොටි මහවිරු සොහොන් සුද්ද කරයි.. දෙමල සන්ධාන මන්ත‍්‍රීත් යයි.. මහවිරු සැමරුම කරන බව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

කිලිනොච්චියේ කොටි මහවිරු සොහොන් සුද්ද කරයි.. දෙමල සන්ධාන මන්ත‍්‍රීත් යයි.. මහවිරු සැමරුම කරන බව කියයි

කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසානභූමිය සුද්දපවිත්‍ර කරමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් කනකපුරම් මහවිරු සුසානභූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිට ඇති අවස්ථාවේදී කිලිනොච්චිය පොලීසියට නිරෝධායන නීති කඩකරමින් පිරිසක් කනකපුරම් සුසාන භූමියේ රැස්ව සිටින බවට පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් ගොස් මන්ත්‍රීවරයාගෙන් ඇතුලු පිරිසකගෙන් ප්‍රකාශයන් ලබා ගෙන ඇත.

අදාල ප්‍රකාශය පොලීසියට ලබා දෙමින් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසා .

‘තමන් ඇතුලු පිරිස කිසිදු ලෙසකින් නිරෝධායන නීති කඩනොකල බවටත් ඉතා සුලු පිරිසක් පමණක් කනක පුරම් සුසාන භූමියට රැස්වූ අතරම සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් තමන් කටයුතු කල බවටයි.

එමෙන්ම පසුගිය වසරේදී කනකපුරම් සුසාන භූමියේ මහවිරු සැමරුම් සැමරීමට අවසරය ලැබුනු ලෙසින් මේ වසරේද මහවිරු දිනය සැමරීම තමන්ට ඇතුලු ජනතාවට අවස්ථාව උදාවෙනු ඇති බවට තමන් විශ්වාශ කරන බවට ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad