කොළඹ කොරෝනා අධි අවදානම් තත්වයක් ප‍්‍රකාශ කෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

කොළඹ කොරෝනා අධි අවදානම් තත්වයක් ප‍්‍රකාශ කෙරේ





කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මේ වන විට කොරෝනා අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
එහි ප්‍රධාන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

අද වන විට වෛරසය යම්කිසි පාලනයක තිබුනත් කොළඹ මහ නගර සභා සීමාව මෙන්ම බස්නාහිර පළාතද යම් යම් කිසි ආකාරයකට තවමත් අධික අවදානම් තත්ත්වයක පවතින බව ඔහු පැවසීය.

සමාජය තුළින් රෝගීන් ආසාදිතයන් වාර්තා වනවා මෙන්ම විවිධ ආයතන තුළින් ද ආසාදිතයන් වාර්තා වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙය යම්කිසි ආකාරයකින් පාලනයක් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad