අස්ගිරිය පෙරට.. කොරෝනාවෙන් මියයන මුස්ලිම් දේහයන් භූමදානය කරනවාට විරෝධය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 11, 2020

අස්ගිරිය පෙරට.. කොරෝනාවෙන් මියයන මුස්ලිම් දේහයන් භූමදානය කරනවාට විරෝධය

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු කළ යුත්තේ සෞඛ්‍ය නිර්දේශ මත බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එවන් පුද්ගලයෙකුගේ මළ සිරුර භූමදානය කිරීමෙන් ජීවත්ව සිටින අයට යම් තර්ජනයක් වේ නම් ආගම්ක නිර්දේශය පසෙකලා ඒවා ආදාහනය කළ යුතු යැයි ද බෞද්ධ හින්දු ඉස්ලාම් ආගමික පදනම ඊට ප‍්‍රශ්ණයක් කර ගත යුතු නැතැයිද උන්වහන්සේ කියා සිටිති.

මියයන කොරෝනා ආසාදිතයන්ගේ දේහයන් භූමදානය කරන්නේද ආදාහනය කරන්නේද යන්න තීරණය කළ යුත්තේ ඔවුන්ගේ ආගමිකත්වය මත නොව සෞඛ්‍යය නිර්දේශ මත බව ද උන්වහන්සේ පැවසූහ.

බෞද්ධ ආගම අනුව මරණයෙන් පසු මියගිය තැනැත්තා වෙනුවෙන් සිදු කළ යුතු වතාවත් තිබෙන නමුත් මෙම අවස්ථාවේ බෞද්ධයන් එය තේරුම් ගෙන ඒවා ඉටු නොකර ආදාහනය කිරීමට ඉඩ දී තිබෙන බවද උන්වහන්සේ සිහිපත් කරති.


No comments:

Post a Comment

Post Bottom Ad