කොරෝනා සෞඛ්‍ය නීති කැලේ,දීපාවලිය ජයටම ගන්න සෙනග පොරකති. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 11, 2020

කොරෝනා සෞඛ්‍ය නීති කැලේ,දීපාවලිය ජයටම ගන්න සෙනග පොරකති.

 

නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 40කට ආසන්න පිරිසක් හදුනාගෙන තිබියදිත් එළඹෙන දිපාවලි උත්සවයට භාණ්ඩ මිල දි ගැනිමට හැටන් නගරයට විශාල පිරිසක් පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පුද්ගල දුරස්ථභාවය රදා පවත්වා ගනිමින් නිරෝධායන සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරන ලෙසට උපදෙස් ලබා දි තිබියදිත් හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් එම උපදෙස් නොපිලිපදිමින් තම ව්‍යාපාර කටයුතු සිදු කරන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

(10) දින මධ්‍යම රාත්‍රියේ සිට සුදු සිනි කිලෝවක් රු 85 ක පාලන මිලක් යටතේ පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙසට රජය මගින් ඉල්ලිමක් සිදු කලත් , එම පාලන මිලට තමන්ට සිනි නිකුත් කිරිමට නොහැකි බවයි වෙලදුන් කියා සිටින්නේ.

පාරිභෝගිකයන් කියා සිටින්නේ හැටන් නගරයේ කිසිදු ස්ථානයක රු 85 පාලන මිලකට සුදු සිනි මිල දි ගැනිමට නොහැකි බවයි.දිපවාලි උත්සවය මේ මස 14 දිනට යෙදි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad