කොරෝනා මෘතදේහ භූමදානයට නොදීම ජාතිවාදයි.. ජලය හරහා විෂබීජ යන්නේ රෙද්ද අස්සටද? - අසාද් සාලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

කොරෝනා මෘතදේහ භූමදානයට නොදීම ජාතිවාදයි.. ජලය හරහා විෂබීජ යන්නේ රෙද්ද අස්සටද? - අසාද් සාලි

ස්ලාම් ආගමට එරෙහිව ශ්‍රී ලංකාව තුළ විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

කොරෝනා මර්දනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති මාර්ගඋපදේශ අනුව කරන්න හැකිනම් මෘත දේහ භූමදානයට පමණක් ඉඩදිය නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

කොරෝනා මෘතදේහ වල විසබීජ ජලය හරහා පැතිරෙන්නේ ඇයි නිර්ණායක ලබා දුන්නේ කවුදැයි ඔහු ප්‍රශ්න කරයි.

‘ජලය හරහා යන්නේ රෙද්ද අස්සටද’යි ඔහු මාධ්‍යවේදීන්ගෙන් විමසීය.

මෙම තීන්දු තීරණ ගන්නේ ඔලුවක් නැති අය බවත් ඒවා විද්‍යාත්මක තීන්දු නොවන බවටත් ඔහු චෝදනා කරයි.

මෙය ජාතිවාදී තීන්දුවක් ඇයිද පවසන ඔහු මලමිණී උඩින් ආණ්ඩුව ජීවත්වන බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad