කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කරන්න ආ PHIලාට වට කර පහර දෙති ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කරන්න ආ PHIලාට වට කර පහර දෙති !

කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසකට පහරදීමක් සිදුවී තිබේ.

මෙම පහරදීම සිදු වූ දී ඇත්තේ වැල්ලම්පිටියේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සාතම්මාවත්ත ප්‍රදේශයේදීය.

එහි හදුනාගත් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු රෝහල්ගත කිරීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ඊයේ දිනේදී තවත් ආසාදිතයන් දස දෙනෙකු එම ප්‍රදේශයෙන්ම තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන් 18 දෙනා රෝහල්ගත කිරීමට උත්සාහ කිරීමේදී පෙර පරිදිම කලහකාරී ලෙස හැසිරී තිබේ.

ඒ අවස්ථාවේ පොලිසිය සහ ආරක්ෂක අංශ පැමිණ මහත් පරිශ්‍රමයකින් පසු ඊයේ සවස් වන විට ඔවුන් රෝහල්ගත කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad