රිෂාඩ් ගැන-පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කළ CID නිලධාරීන්ට හදිසි මාරුවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 11, 2020

රිෂාඩ් ගැන-පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කළ CID නිලධාරීන්ට හදිසි මාරුවක් !

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 19 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය පොලිස් රාජකාරී සදහා මාරු කොට යවා ඇති බව වාර්තා වේ.

මේ ආකාරයට එකවර පොලිස් නිලධාරීන් මාරු කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන්ද මේ අතර සිටීමය.

මෙම 19 දෙනා අතර පොලිස් ස්ථානාධිපතිවරුන් 10 දෙනකුද සිටින බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad