වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 70කට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 11, 2020

වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 70කට කොරෝනා

 

මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 70 දෙනකුට ඊයේ (11දා) වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව රජයේ හෙද නිලධාරීන්ගේ  සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් 25 දෙනකු හෙදියන් බවත්, සෙසු පිරිස අතර වෛද්‍යවරුන්, සාත්තු සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සිටින බවත් ඔහු කීවේය. මේ වන විට කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 400 දෙනකු පමණ නිරෝධායනයට යොමු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් බහුතරයකට රෝහල් තුළදී වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුනට එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිසි ආරක්ෂිත මෙවලම් ලබා නොදීම මෙයට හේතු වී ඇති බව පවසන හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙම තත්ත්වය මත වැඩි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් වෛරසයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවද වැඩිදුරටත් කීවේය.

ඒමන්ති මාරඹේ

-Divaina News Paper.

No comments:

Post a Comment

Post Bottom Ad