මැතිවරණයක් කඩිනමින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

මැතිවරණයක් කඩිනමින්

ළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් දුන්නේය. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අග්‍රාමාත්‍යතුමා අතර අද පෙරවරුවේ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.

පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අග්‍රාමාත්‍යතුමා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවේ පැවසීය.

මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පැවසූහ.

ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමා මේ වන විටත් තමන් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් ජී. පුංචිහේවා, ඇතුළු කොමිසමේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්


No comments:

Post a Comment

Post Bottom Ad