සුපිරි තරු පංතියේ හෝටල්, රාත්‍රී සමාජ ශාලා, සංචාරක නවාතැන් , තානායම් ඇතුළු ස්ථාන 14,000ක් මේ වසරේ මත්පැන් බලපත්‍ර ගාස්තු වලින් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. යළි මෙම ගාස්තු අයකිරීම සඳහා නියමිත දිනයක් පවා සඳහන් නොකරමින් මෙම සහනය ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. මෙමගින් රජයට මේ වසරේ අහිමි වන බදු බදු මුදල රුපියල් කෝටි 40කි.
මෙම සහනය ලබාදීමට නියමිත තරු තුනේ සහ තරු පහේ පන්තියේ හෝටල් වලට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවූ ස්ථාන රැසක් ඇති බව ද හෙළි වෙයි. දැන් බලපත්‍ර 14,000 ගාස්තුවලින් නිදහස් කිරීමට මෙම තීන්දුව ගනු ලැබ ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාය.
Source : lankatruth
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment