විල්පත්තු පාරිවාර රක්ෂිතයේ සිදුකළ වන විනාශය හේතුවෙන් නැවත වන වගාවක් සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් ගෙවියයුතු බවට වන විනාශය සම්බන්ධයෙන් සොයාබැලෙන ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් නීතිපතිවරයා සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
විල්පත්තුවේ සිදුවූ වන විනාශය රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කරන්නේ මාධ්‍ය මගින් එය නිරන්තරයෙන් වාර්තාකිරීමත් සමගය.
මේ අතරවාරයේදී පරිසර යුක්ති කේන්ද්‍රය විල්පත්තු වන සංහාරයට එරෙහිව 2015දී අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.
එහි සඳහන් වූයේ විල්පත්තු රක්ෂිත වනාන්තරයට උතුරින් පිහිටි කල්ලාරු, මරිච්චිකට්ටි, විලත්තියකුලම් රක්ෂිත වනාන්තරයේ අක්කර 2388ක ප්‍රදේශයක් විනාශකර ඇති බවය.
එමෙන්ම අනවසර ඉදිකිරීම් හේතුවෙන් දැඩි පාරිසරික හානි සිදුව ඇති බවත් අදාළ එළිකිරීම නීතිවිරෝධී බවට තීන්දුකර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාර, පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචණාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
වසර 5 කට ආසන්න කාලයක් විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව 2020 නොවැම්බර් 16 වැනිදා අභියාචනාධිකරණය ලබාදෙන්නේ, විල්පත්තු රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළිකොට අනවසර ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බවට තීන්දු කරමිනි.
එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වූයේ එළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පෞද්ගලික වියදමින් වන වගාව සිදුකිරීමට පියවර ගන්නා ලෙසට ය.
ඒ අනුව වන විනාශයේ අලාභය සෙවීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර එම කමිටු නිර්දේශ නීතිපතිවරයා වෙත සහ රීෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර තිබේ.
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ, “රිෂාඩ් බදියුදීන් මහතාට නැවත වන වගාව සිදුකිරීම සඳහා කෝටි 121 ක් ගෙවන්න කියලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. කෝටි 121 ක මුදලක් ගෙවීම තුළින් හෙක්ටයාර් 825 ක භූමි ප්‍රමාණයක් නැවත වන වගාවක් සිදුකළ හැකියි,” යනුවෙනි.
No comments:
Post a Comment