කොරෝන එන්නත 27 වැනිදා ලංකාවට - ජනාධිපති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 23, 2021

කොරෝන එන්නත 27 වැනිදා ලංකාවට - ජනාධිපති කියයි

කොරෝනා වෛරසය සඳහා අනුමත කර ඇති එන්නත එළඹෙන 27 වනදා මෙරට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ අනුව මුල්වටයේදී එන්නත් 06 ලක්‍ෂයක තොගයක් ඉන්දියාවෙන් මෙරටට ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය.

ජනාදිපතිවරයා මේ බව කියා සිටියේ කළුතර වලල්ලාවිටදි පැවැත්වෙන ගම සමග පිළිසදරක් වැඩසටහන සදහා එද එක්වෙමිනි.

මුලින්ම ලැබෙන එන්නත් තොගය පළමුවෙන්ම සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක අංශ වල සේවයේ නියුතු පිරිසටද ලබාදෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වෛරසය ආසාදනය වැඩි ඉඩක් ඇති පිරිසට ලබා දෙන බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad