දකුණු මුහුදේ දී අනතුරට ලක් වූ සිමෙන්ති නෞකාවේ නවතම තත්ත්වය - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 24, 2021

දකුණු මුහුදේ දී අනතුරට ලක් වූ සිමෙන්ති නෞකාවේ නවතම තත්ත්වය

කුණු මුහුදේ, කුඩා රාවණා පරය අසාසන්නයේ දී ඊයේ (23) අනතුරට ලක්වූ ලයිබීරියානු සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ තත්ත්වය නිරීක්ෂණය සඳහා නාවික හමුදා හා වරාය අධිකාරියේ යාත්‍රා දෙකක් සහ ගුවන් හමුදා යානයක් එක් කර තිබේ.

ගල් පරයක වැදීමෙන් අනතුරට පත්ව ඇති බවට සැක කෙරෙන මෙම නෞකාව මුදා ගැනීම සඳහා මේ වන විට නාවික හමුදාවට අයත් රත්නදීප නෞකාවත්, වරාය අධිකාරියට අයත් පණ්ඩුකාභය නැමති ටග් යාත්‍රාවත් මේ එම ස්ථානයට යොමු කර තිබේ.

එමෙන් ම, ගුවන් හමුදාවේ සමුද්‍රීය බළගනයට අයත් B200 නැමති බීච් ක්‍රාෆ්ට් යානය ද අනතුරට ලක්වූ නෞකාව නිරීක්ෂණයට එක් කර ඇත.

කෙසේවෙතත් අනතුරට ලක්වූ නෞකාවෙන් මුහුදට, සිමෙන්ති හෝ ඉන්ධන කාන්දුවක් සිදුව නොමැති බව නාවික හමුදාව පවසයි.

ඩී.එන්. ජයසේකර - මත්තල


No comments:

Post a Comment

Post Bottom Ad