ඩයනා ගමගේ මන්ත්‍රීවරිය රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දීමට මුල් වෙතැයි යන මතයක් සමාජගත වෙමින් තිබේ.
ඒ ගිනි අවි තබා ගැනීමේ හා මනුෂ්‍ය ඝාතන කුමන්ත්‍රණ කිරීමේ චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව ලබා දීමට තමා මුල් වූ බවට මන්ත්‍රීවරිය විසින් ප්‍රසිද්ධියේ කර තිබූ ප්‍රකාශය පදනම් කොටගෙනය.
ඩයනා ගමගේ මහත්මිය හා රංජන් රාමනායක මහතා ඉතා කිට්ටු මිතුරන් දෙදෙනකු වන අතර දෙදෙනාම පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් දෙදෙනාම පාර්ලිමේන්තුවට තේරී පත් විය.
එහෙත් 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වී මේ වන විට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරයි.
No comments:
Post a Comment