වරාය ඉන්දියාවට දෙනවට මෛත්‍රී විරුද්ධ වෙයි: කළුතරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 22, 2021

වරාය ඉන්දියාවට දෙනවට මෛත්‍රී විරුද්ධ වෙයි: කළුතරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි

ම පාලන කාලය තුළ ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගම් ඉල්ලා සිටියත් ඊට එකඟ නොවූ බවත්, නැගෙනහිර පර්යන්තය කවුරුන් හෝ ලබා දීමට කටයුතු කරන්නේ නම් ශ්‍රීලනිපය ඊට එකග නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

“මම ජනාධිපතිධූරය දරන කාලයේ දීත් මේ වරාය ඉල්ලුවා. මම බොහෝම පැහැදිලිව ම කිව්වා නැගෙනහිර පර්යන්තය දෙන්න පුළුවන්කමක් නෑ කියලා. ඒ වගේම මම ජනාධිපතිධූරය දරන කාලයේ දී වරයාට ගිහිල්ලා මම ජනාධිපතිවරයා විදියට ප්‍රතිඥාවක් දුන්නා මම කොහෙත්ම නැගෙනහිර පර්යන්තය විදේශ රටකට දෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ. ඒක නිසා නැගෙනහිර පර්යන්තය දීම සම්බන්ධයෙන් කොහෙත්ම එකඟ වෙන්න පුළුවන්කමක් නෑ. මම ආණ්ඩුව තුළ තිබුණ යම් යම් ගැටලුසහගත තත්ත්වයන් කවුරුත් දන්නවා. ඒකෙ දී අනෙකුත් පාර්ශවයන්වලින් මේ ගැන යම් යම් උනන්දුවීම් තිබුණා. නමුත් මම ඒවත් පුළුවන් තරම් පාලනය කර ගන්න උත්සහ කළා ඒ කාලය තුළ.“


No comments:

Post a Comment

Post Bottom Ad