පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු වැටලීම් ප‍්‍රධානියා වූ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් උපක‍්‍රමශීලීව පිළියන්දල ප‍්‍රදේශයේ දී වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු කර ඉන්දියාවට පැන ගිය එම්.එම්.එම්. නවාස් නමැත්තා සහ තවත් පුද්ගලයකු රුපියල් කෝටි දහසක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග‍්‍රෑම් සියයක් ද සමගින් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ඔත්තුකරුවකු ලෙස පෙනී සිටි මෙම නවාස් නමැත්තා ලබා දුන් ඔත්තුවකට අනුව ඉකුත් 2017 වසරේදී රංගජීව මහතා ඇතුළු පොලිස් නිලධාරි පිරිස මත්ද්‍රව්‍ය වැටලීමක් ස`දහා පිළියන්දල ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම වෙඩි ප‍්‍රහාරයට ගොදුරු වූහ.
එහිදී එක් පොලිස් නිලධාරියකු මරණයට පත්වූ අතර රංගජීව මහතා මාරාන්තික තුවාල ලබා දීර්ඝ කාලයක් රෝහල්ගතව සිට සුවය ලැබීය. මෙම වෙඩි තැබීම තමන් විසින් සිදු කර වූ බව පසුව ‘මාක`දුරේ මධුෂ්’ විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පාපොච්ඡුාරණය කර තිබිණි.
පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඉන්දියාවට පලා ගොස් පාකිස්තාන සහ ඉරාන ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා ගනිමින් මහා පරිමාණ කුඩු ජාවාරමක යෙදී සිටියදී නවාස් ඉන්දීය පොලිසියට කොටුවී ඇත.
මොහු සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා මොහොමඞ් අෆ්නාස් නමැත්තා බව ඉන්දීය පොලිසිය අනාවරණය කර තිබේ. මොවුන් දෙදෙනා ව්‍යාජ නම්වලින් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සැ`ගවී සිට ඇත.
එසේ සිටිමින් පාකිස්තානය, ඉරානය සහ ඇෆ්ගනිස්ථානයට අයත් ලොව හෙරොයින් නිෂ්පාදන ති‍්‍රකෝණයේ නිෂ්පාදනය කෙරෙන කුුඩු තොග මුහුදු මාර්ග ඔස්සේ ශී‍්‍ර ලංකාව, මැලේසියාව සහ ඔස්ටේ‍්‍රලියාව ඇතුළු විවිධ රටවලට බෙදා හැරීමේ ජාවාරමක් මොවුන් දෙදෙනා විසින් මෙහෙයවා ඇති බව ද ඉන්දීය පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මොවුන් දෙදෙනා කොටුකර ගෙන ඇත්තේ ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා ඉන්දීය වෙරළාරක්‍ෂක නිලධාරීන් විසින් තූත්තුකුඩියට දකුණු මුහුදේදී හෙරොයින් කිලෝග‍්‍රෑම් අනූපහක් සමග අත්අඩංගුවට ගනු ලැබූ ‘ෂෙනායා දුව’ නමැති මෙරට ධීවර යාත‍්‍රව සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුවය.
ශී‍්‍ර ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් ලබා දුන් තොරතුරකට අනුව තූත්තුකුඩි මුහුදේදී ‘ෂෙනයා දුව’ බහුදින ධීවර යාත‍්‍රාව ශී‍්‍ර ලාංකිකයන් හයදෙනකු ද සමගින් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය නිලධාරීන් සමත් වූ අතර එය මීගමුව ප‍්‍රදේශයේ පුද්ගලයකුට අයත් යාත‍්‍රාවක් බව ද පසුව අනාවරණය විය.
දිවයින ඇසුරින්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment