වරාය ඉන්දියාවට දෙනවාට අගමැති ජනපතිට එරෙහි වෙයි - අපට විරෝධතා කරන්න කීවා - ජනාධිපතිට අවශ්‍ය දෙන්නයි - වරාය වෘත්තීට සමිති කියති [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 21, 2021

වරාය ඉන්දියාවට දෙනවාට අගමැති ජනපතිට එරෙහි වෙයි - අපට විරෝධතා කරන්න කීවා - ජනාධිපතිට අවශ්‍ය දෙන්නයි - වරාය වෘත්තීට සමිති කියති [VIDEO]


කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන් කරයි.
නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණ විරුද්ධව බවත් ඊට විරුද්ධ වන්නැයි තම සේවක සංගමයෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් කියා සිටිති.

නමුත් ජනාධිපතිට මෙම නැගෙනහිර පර්යන්තය ලබාදීමට උවමනාව ඇති බවත් ඊට විරුද්ධව කැබිනට් ඇමතිවරු ගණනාවක් සිටින බවත් ඔවුන් නියම වෙලාවට ආණ්ඩුවෙන් ජීවිත බදිනු ඇති බවත් ඔවුහු කියා සිටියහ.

එම සංගමයේ සභාපතිවරයා සහ ප්‍රධාන ලේකම්වරයා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් එම අදහස් පළ කළහ.

හැකිනම් මේ සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නැයිද අභියෝග කරන ඔවුන් කොළඹ වරායද ඉන්දියාවට දුන් දවසට ආණ්ඩුව අවසන් යයිද කියා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad