රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා - මැදගොඩ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 21, 2021

රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා - මැදගොඩ හිමි

ශ්‍රී ලංකාව පාවා දුන් නායකයන් බලයට ගෙන ඒමට වෙහෙස වූ අයෙක් ලෙස ඉතිහාසයේ තම නම ලියැවෙනවාට කමන් වහන්සේ අකමැති බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්‍රශ්නය මෙරට ජනතාවගේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

ඉතිහාසයේ මෙරට ජාතික වීරයන් ලෙස නම් ලියවුනේ රට පාවා දුන් හෝ යටත් වූ අය නොව රට ආරක්ෂා කල අය බවද උන්වහන්සේ පැවසූහ.

එලෙස රට ආරක්ෂා කර ගැනීම සඳහා හැම මොහොතකම වෙහෙස විය යුතු බවද උන් වහන්සේ පැවසූහ.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad