තම දඬුවම ගැන යළි සලකා බලන්න - රන්ජන් අධිකරණයේ පිහිට පතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 1, 2021

තම දඬුවම ගැන යළි සලකා බලන්න - රන්ජන් අධිකරණයේ පිහිට පතයි

ධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි.

එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා  ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස ද රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම මෝසම මගින් ඉල්ලා තිබේ.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමගම දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කරඇත.

මේ අතර රන්ජන් රාමනායක මහතා මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටී. 


No comments:

Post a Comment

Post Bottom Ad