නිහඬව සිටි හිටපු ජනපති මෛත්‍රී හදිසියේම ගත් තීරණය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Monday, February 1, 2021

නිහඬව සිටි හිටපු ජනපති මෛත්‍රී හදිසියේම ගත් තීරණය මෙන්න

දිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. පසුගිය මහමැතිවරණය සහ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට තීරණාත්මක දේශපාලන බලවේගය බවට රටේ ජනතාව පත් කළ බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව නිදහස් පක්ෂය ඉතා කඩිනමින් දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය වශයෙන් ද ගොඩනැංවීමට කටයුතු කරන බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිටම ජාතික සම්පත් සහ මහජන දේපොළ ආරක්ෂා කර, වැඩි දියුණු කර රටට රැකදුන් බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියටත් එම ප්‍රතිපත්තිය මත සිට නිදහස් පක්ෂය මෙහෙයවන බව පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *