මිනීමරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳව හෝ එම ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ප්‍රශංසාත්මක අයුරින් අදහස් දක්වන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමට අවශ්‍ය නීති ගෙන ඒමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
එම ත්‍රස්ත සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බවට පත්කර තිබියදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවන්හිදී එම සංවිධානය හා එහි නායකයා පිළිබඳව ප්‍රශංසාත්මක අයුරින් පාර්ලිමේන්තුව තුළදී අදහස් දැක්වීම මෙම පියවර ගැනීමට හේතු වී ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසන්නේ ජර්මන් පාර්ලිමේන්තුව තුළ හිට්ලර් හා නාසිවාදය පිළිබඳව කතා කිරීම පවා තහනම් කර තිබීම මීට හොඳ ම උදාහරණයක් බව ය.
මෙරට ජනතාව දස දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කළ ප්‍රභාකරන් නමැති ත්‍රස්ත නායකයා හා එම සංවිධානය පිළිබඳව උත්තරීතර ස්ථානයක් වන පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට ඇතැම් මන්ත්‍රීවරුන් පෙලැඹී සිටීම ඉතාම කනගාටුදායක කාරණයක් බව ද අමාත්‍යවරයා පවසයි.

No comments:
Post a Comment