ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරණ ක්‍රම නීති විරෝධී බැවින්, කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නියෝග කර තිබියදී ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම විසින් මාදිවෙල ප්‍රදේශයේ ගරාජයක තිබූ මෝටර් රථයක් සීසර්ලා යොදවා පැහැරගෙන ගොස් තිබේ.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වැගන් ආර් වර්ගයේ (wp CBC 2759) වර්ගයේ මෝටර් රථයක් වන අතර එය මෝටර් රථ කාර්මිකයකු වන මහේෂ් රාජකරුණා නැමැත්තෙකුට අයත් එකකි.
දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පැමිණ අදාළ මෝටර් රථය පැහැරගෙන ගිය බවට ඔහු විසින් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මේ මෝටර් රථ කාර්මිකයා ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථ අලුත් වැඩියා කිරීමට හපනෙකු බව පැවසෙන අතර ජනාධිපති කාර්යාලය සතු ඩිෆෙන්ඩර් රථ බොහොමයක් අලුත් වැඩියාවී ඇත්තේ මොහුගේ දෑතින් බවද පැවසේ.
කෙසේවුවද, වාහනයේ හිමිකරු විසින් අද (09) පොලිසියට පැමිණිල්ලක් කරණ තෙක් අදාළ මෝටර් රථය පැහැරගත් සීසර්ලා එම ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කර නොතිබූ බව වාර්තා වේ.
අදාළ අය පොලිසියට පැමිණිලි කිරීමට ගොස් සිටියදී සීසර්ලා මේ බව වාර්තා කිරීමට මිරිහාන පොලිසියට පැමිණ ඇති අතර මෝටර් රථයේ හිමිකරු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ මිරිහාන පොලිසියේ කිසියම් නිලධාරියකු විසින් මේ බව දැන්වීමෙන් පසුව මොවුන් මෙසේ පොලිසියට පැමිණෙන්නට ඇති බවට සැකයක් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප ආර්පිකෝ ෆයිනෑන්ස් ආයතනයේ නිලධාරියකුගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ සිය සමාගම විසින් එවැන්නක් කර ඇති බවයි.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සීසර්ලා පිරිසක් විසින් පොලුවලින් පහරදී පසුගිය වසරේ ජුනි මාසයේදී මරා දැමීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරණ මේ ක්‍රමය සම්පූර්ණයෙන් අත්හිටුවීමට පොලිසියට උපදෙස් දුන් අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
සුනිල් ජයවර්ධන මහතා පහර දී ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධිය නිවුස් ෆස්ට් වාර්තා කර තිබුණේ මෙසේය.

No comments:
Post a Comment