‘අම්… …. නැතිව වාඩිවෙයන්’ : ප්‍රසන්න වාසුදේවට අමු කුණුහරුපයෙන් දෙසා බායි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 9, 2021

‘අම්… …. නැතිව වාඩිවෙයන්’ : ප්‍රසන්න වාසුදේවට අමු කුණුහරුපයෙන් දෙසා බායි

ද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් වාසුදේව නානායක්කාර මහතා හට තිත්ත කුණුහරුපයෙන් ආමන්ත්‍රණය කොට ඇති බව වාර්තා වේ. රැස්වීම ආරම්භ වීමෙන් පසු පළමුව නිමල් ලන්සා මහතා සාකච්ජාව උණුසුම් කරමින් විමල් වීරවංශ මහතා ලබා දී තිබූ පුවත්පත් සාකච්ජාව දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන ඇත.

එහිදී වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත්තේ වීරවංශ මහතා අද දින රැස්වීමේ නොමැති බැවින් ඔහු සිටින අවස්ථාවක මේ පිළිබද සාකච්ජා කළ යුතු බවකි.

නමුත් ලන්සා මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ද නැති තැන මෙම පිරිස් තමන් පිළිබදව කතා කරන බවත්, කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කළ යුතු බවත්ය.

ඉන් අනතුරුව නැගී සිටි ප්‍රසන්න රණතුංග මහතා වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කිරීමට පියවර ගෙන ඇත.

එහිදී වාසුදේව නානායක්කාර මහතාද ඊට එරෙහිව අදහස් දක්වා ඇති අතර මෙහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබේ.

මෙහිදී දැඩි කෝපයට පත් ප්‍රසන්න රණතුංග මහතා ‘අම්… ….. නැතිව වාඩිවෙයන්…’ යනුවෙන් ප්‍රසිද්ධියේම පවසමින් වාසුදේව නානායක්කාර මහතාට බැන වැදී තිබේ.

කෙසේවෙතත් මේ අවස්ථාවේදී අගමැතිවරයා මැදිහත් වෙමින් සියලු දෙනාම එකිනෙකාට ගරු කරමින් ඉදිරියට යා යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කොට ඇත.

ඉන් අනතුරුව මධුර විතානගේ මහතා, ඇතැම් කණ්ඩායම් සිය පෞද්ගලික මත පවා සමාජ මාධ්‍ය ජාලාවල පල කිරීම හේතුකොට ගෙන ඒවාට නිල පිළිගැනීමක් ලබා දී තිබිම හේතුවෙන් ගැටලු මතු වී ඇති බවත්, එවැනි දෑ සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ප්‍රකාශ කොට ඇත.

ඊටද වාසුදේව නානායක්කාර මහතා ප්‍රතිචාර දැක්වීමත් සමග රැස්වීම නැවතත් උණුසුම් වී තිබේ.

මෙහිදී උදය ගම්මන්පිල මහතාද සාකච්ජාවට මැදිහත් වෙමින් වීරවංශ මහතා සිටින අවස්ථාවක මෙම ප්‍රශ්නය සාකච්ජා කළ යුතු බව සදහන් කොට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad