අගමැතිවරයාගේ පොරොන්දුව ගැන කිසිම විස්වාසයක් නෑ - ඇල්ලේ හිමි - විගස පුවත් - Vigasapuwath

Monday, February 1, 2021

අගමැතිවරයාගේ පොරොන්දුව ගැන කිසිම විස්වාසයක් නෑ - ඇල්ලේ හිමි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කිසිදු විදේශ සමාගමකට ලබා නොදෙන බවට ‍අගමැතිවරයා පොරොන්දු වුවද, නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගත නොහැකි බව ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා. ඒ නිසා අගමැතිවරයා ලබාදුන් පොරොන්දුව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය තැබිය නොහැකි බවයි ගුණවංශ හිමි පවසන්නේ.

අගමැතිවරයා විසින් නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවෙ අමතමින් මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය පිළිබඳව කලබල නොවන බවත්, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් හා ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව තම ස්ථාවරය හෙට දිනයේදී ප්‍රකාශ කරන බවද ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *