අලුත් කොරෝනා මාරයා කොළඹට ඇතුළු වෙයි : තුන්වන රැල්ලක් අත ළග? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 15, 2021

අලුත් කොරෝනා මාරයා කොළඹට ඇතුළු වෙයි : තුන්වන රැල්ලක් අත ළග?

කොළඹ නගරය තුළ රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවත්, ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් ආරක්ෂාකාරී ලෙස කටයුතු නොකර සිටියහොත් කොවිඩ් 3වන රැල්ලක් ඇතිවීම වැළැක්වීම අපහසුවන බවත් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

එක් රෝගියෙක් හමුවී ඇත්තේ හැව්ලොක් සිටි ප්‍රදේශයෙනි.

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව කොළඹ නගරයේ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර පරීක්ෂා තුළින් කොවිඩ් -19 වෛරස විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලත් අපි ඉතාමත් හොඳින් පාලනය කරලා තියෙනවා. නමුත් මහජනතාව ප්‍රවේසම් නොවුනොත් සහ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකර සිටියහොත්, අපිට 3වන රැල්ලක් ඇතිවීම වළක්වන්න අමාරු වෙන්න පුළුවන්.”

ඒ අනුව මේ වන විට බලධාරීන් අදාළ රෝගීන් දෙදෙනාගේ සමීපතමයන් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇත.

මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ හැකිතාක් දුරට ජනතාවගෙන් සහ විශේෂයෙන් සංචාරකයන්ගෙන් ඈත්වී සිටින ලෙසය.

මේ අතර ඉදිරි කාලයේදී කොළඹ ජනතාවට රැස්වීමේ සීමා දැඩි කිරීමටද සෞඛ්‍ය අංශ තීීරණය කර ඇති බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad