කරූ මැතිවරණවලට තරග කිරීම අත්හරියි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 13, 2021

කරූ මැතිවරණවලට තරග කිරීම අත්හරියි !

දිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තමා තරඟ නොකරන බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසා තිබේ.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පැවැත්වූ විශේෂ සාකච්ඡාවක් අතරතුරදීය.

කොළඹ ජානකී හෝටලයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇත.

සාකච්ඡාවට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ද ඒ සඳහා සහභාගිවී තිබේ.

රජය විසින් ගනු ලබන ඇතැම් වැරැදි තීන්දු සම්බන්ධයෙන් පොදු වේදිකාවකදී ජනතාව දැනුවත් කිරීමට මෙහි දී යෝජනා කර ඇත.

ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සිවිල් සංවිධානවලට ආරාධනා කරන බව ද හිටපු කථානායකවරයා එහිදී අවධාරණය කර තිබේ.

මූලාශ්‍රය - අරුණ


No comments:

Post a Comment

Post Bottom Ad