ඊයේ මහ රෑ වවුනියාව සෙට්ටිකුලමේ කැලෑබද ප්‍රදේශයකදී හමුදාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ තොරතුරු මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 1, 2021

ඊයේ මහ රෑ වවුනියාව සෙට්ටිකුලමේ කැලෑබද ප්‍රදේශයකදී හමුදාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ තොරතුරු මෙන්න

ව්නියාව සෙට්ටිකුලම් කප්පාච්චි රක්ෂිත කැලෑ ප්‍රදේශයක ආරක්ෂක රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක් සහ තවත් පිරිසක් අතර වූ ඊයේ (01) රාත්‍රියේ සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

සෙට්ටිකුලම් කප්පාච්චි ඇතුලු සෙට්ටිකුලම් රක්ෂිතයේ සිදුවන දැව ජාවාරම් පිළිබඳව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාන්විත රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක්ට පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් ආයුධ සන්නද්දව පැමිණ වෙිඩ ප්‍රහාරයක් පළමුව  එල්ල කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විසින් ප්‍රතිප්‍රහාර සිදු කොට ඇත.

එහිදී එක් අයෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුලත් කරනු ලැබීය.

තවද ආයුද සහිතව සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන්ද එක් අයෙකුට තුවාල සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති අතරම පලා ගිය පිරිස් සොයා සෙට්ටිකුලම් පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

අදාල පිරිස රක්ෂිතයේ දැව ජාවාරමක නිරතවීමේදී මෙලෙස වෙිඩි තබා ගැනීම හෝ ක්‍රියාන්විතයේ නිරතවූ යුද හමුදා සෙබලුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ආවේද යන්න පිළිබඳව සෙට්ටිකුලම් පොලීසිය හා යුද හමුදාව එක්ව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)


No comments:

Post a Comment

Post Bottom Ad