"පාර වසා ඇත" බෝර්ඩ් එකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ පෝටෝ දාලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 8, 2021

"පාර වසා ඇත" බෝර්ඩ් එකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ පෝටෝ දාලා !

හර ප්‍රාදේශීය සභාව විසින් කරගෙන යනු ලබන මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් වසා ඇති පාරක එල්ලා තිබූ දැන්වීමක් ෆේස්බුක් සමාජජාලය තුළ තරමක කතාබහකට ලක්ව තිබේ. මෙලෙස කතාබහකට ලක්ව ඇත්තේ ඉහළකරගහමුන ප්‍රදේශීය සභාව විසින් මාර්ගයක් හරහා ඉදි කරනු ලබන බෝක්කුවක් හේතුවෙන් වසා ඇති මාර්ගයක් අසළ පළ කර තිබූ දැන්වීමක් හේතුවෙනි. එම දැන්වීමේ "බෝක්කුවේ අලුත්වැඩියා කටයුතු සඳහා මාර්ගය වසා ඇත (විකල්ප මාර්ග භාවිත කරන්න" ලෙ⁣සින් සඳහන් වූ දැන්වීමේ ඉහළකරගහමුන මන්ත්‍රීවරයා වන ධම්මික රෝෂාන් මහතාගේ රුවද යොදා තිබුණි.

මෙම දැන්වීම ෆේස්බුක් සමාජාලයේ ජනප්‍රිය පිටුවක පළ කරමින් එයට සටහන් එක්කර තිබුණේ "මූන දාගන්න තියෙනවනං පාර වහපු බෝර්ඩ් එකක් හරි කමක් නැහැ" යනුවෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධම්මික රෝෂාන් මන්ත්‍රීවරයාද මෙයට පිළිතුරු දී තිබුණු අතර ඔහු ෆේස්බුක් සටහනක් තබමින් එම ෆේස්බුක් පිටුවේ ක්‍රියාකාරීන්ටද අභියෝගයක් කර තිබුණි.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ,

 "එල ඇති රුකටනේ ගල් මුල් වැඩී. මේ සටහන තබන්නෙ තමන්ගේ අම්මාව හෝ විකුනාගෙන කන තරමට පහත් ලෙස ඇත්ත සගවා බොරුව සාමාජගත කිරීමට උත්සාහ කරන එක්තරා සමාජජාලා පේජයකින් පිලිකුල්සහගත ලෙස මා හට මඩප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහය පිලිබදවයි. මම ඉහලකරගහමුන නියෝජනය කරන මන්ත්‍රීවරයායි.  මගේ අභියෝගය පලමුව මේ පේජයන් කරන ඇඩ්මින්වරුන්ටයි පලමුව පැමින මෙම සිදුවීම ගැන සොයාබලන්න..

මගේ ආදරනීය ජනතාව දන්නවා මගේ කොට්ඨාසයේ මා කල/ කරන වැඩ කොටස.. කටින් කී බෝඩ් එකෙන් රට හදන්න කියා නව පරම්පරාවට විහිලු සැපයීමට ප්‍රථම ගමේ මිනිසුන් සමග බිම්මට්ටමේ වැඩකටයුතු වලට සම්බන්දවී තමාගේ ගම සංවර්දනයට එකතුවීමයි නියම තාරුන්‍යය... ගමේ මිනිහෙක්ව අදුරන්නෙ නැති ගෙට කොටුවුනු මෙවැනි බුකි වීරයන්ගෙන් මෙවැනි පිලිකුල්සහගත දෙයට වඩා දෙයක් බලාපොරොත්තුව වෙන්න බෑ. මඩ ගල් ප්‍රහාර කොතරම් ආවත් මගේ කොට්ඨාසයේ සංවර්ධනය නවත්වන්නේ නැත."

ඔහු තබා තිබූ ෆේස්බුක් සටහන පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad