විමල් වීරවංශ මහතා යනු මේ ආණ්ඩුව බිහි කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළ පුද්ගලයෙකු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
කිසිවකු විසින් හෝ ඔහු අවතක්සේරු කරනවා යනු කෙලෙහිගුණ නැතිකම බවද ඒ මහතා සඳහන් කළේය.
බෞද්ධ රටක කෙළෙහිගුණ නොදන්නා අයට කෙළෙහි ගුණය පාඩම කියා දීම සඳහා මහා සංඝරත්නය පෙරට පැමිණීම ගැන සිරස නමා මහා සංඝරත්නයට ප්‍රණාමය පුද කරන බව ද පැවසීය.
ඇමති විමල් විරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
No comments:
Post a Comment