ජයලාල් රෝහණ දිවි රඟමඩල හැරයයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 11, 2021

ජයලාල් රෝහණ දිවි රඟමඩල හැරයයි!

ප්‍රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය ශිල්පියකු වන ජයලාල් රෝහණ ඊයේ (11) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 56 වැනි වියේ පසුවූ ඔහු රංගන ශිල්පියකු, නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, ගුවන් විදුලි පිටපත් රචකයකු, ගුරුවරයකු, ලේඛකයකු මෙන්ම වේශ නිරූපන ශිල්පියකු ලෙසින්ද කටයුතු කළ අයෙකි.

ජයවර්ධන පුර කෝට්ටේ උපන් ඔහු මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ කෝට්ටේ ආනන්ද ශාත්ත්‍රාලයෙනි.

1980 වසරේදී උසස් පෙළ හැදෑරූ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට විද්‍යාර්ථයෙකි.

ඔහු ශාත්ත්‍රපති උපාදි ලබාගෙන ඇත්තේ සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විශයන් සම්බන්ධයෙනි.

එහිදී ආචාර්ය ගාමිණී හත්තෙට්ටුගම, ඈෂ්ලි හැල්පෙ යන වියතුන් සමග කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබී තිබේ.

පසු කලෙක ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ආරාධිත කතිකාචාර්යවරයකු ලෙසද, පාසල් විශ්‍ය ධාරාව සඳහා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයකු ලෙසද ‍සේවය කර ඇත.

වේදිකා නාට්‍යවල රංගාලෝකය සහ අංග රචනය පිළිබඳ 'සැබෑ මුහුණේ වෙස් මුහුණු' යන නමින් විධිමත් කෘතියක් රචනා කළ පළමු වැන්නා ඔහු බවද සැලකේ.

ඔහුගේ මුල්ම සිනමා නිර්මාණය වූයේ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ අයෝමා චිත්‍ර පටයයි.

මෑත කාල‍යේදී චේදිකාගත වූ 'ගොන්ඩෝලා' වේදිකා නාට්‍යය නිර්මාණය කරනු ලැබුවේද ඔහු විසිනි. ‍

ජයලාල් දෙස් විදෙස් ආයතනවල ආරාධිත දේශකයකුද ලෙස ද කටයුතු කළ අයෙකි.

ඉසුරු යෝගය ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් වසර 2006 වසරේදී සුමති ටෙලි සම්මාන උළෙලේ, රාජ්‍ය සම්මාන උළෙලේ සහ සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad