සුනේත‍්‍රාදේවියත් පොහොට්ටුවෙන් ගිලිහේ.. මැදගොඩ හිමිත් විමල් වෙනුවෙන්.. ජනපතිට පක්‍ෂයේ ඉහල තනතුරක් දිය යුතු බව කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 11, 2021

සුනේත‍්‍රාදේවියත් පොහොට්ටුවෙන් ගිලිහේ.. මැදගොඩ හිමිත් විමල් වෙනුවෙන්.. ජනපතිට පක්‍ෂයේ ඉහල තනතුරක් දිය යුතු බව කියති

විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශවල වරදක් නොමැති බවත් ජනාධිපතිතුමන්ට පක්ෂයේ ඉහළ තනතුරක් අවශ්‍ය බව තමන් විශ්වාස කරන බවත් පැපිලියාන සුනේත‍්‍රාදේවී පරිවෙණාධිපති හා එම විහාරස්ථානාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

උන්වහන්සේ සඳහන් කරන්නේ ජනාධිපතිතුමන්ට දේශපාලනික වශයෙන් යම්කිසි මෙහෙයුමක් සිදුකිරීමට අවශ්‍ය නිසා පක්ෂයේ ඉහළ තනතුරක් තිබීම වැදගත් බවයි.

විමල් වීරවංශ මහතාට පෞද්ගලිකව අදහස් දැක්වීමේ අයිතියක් ඇති බවත් ඔහු කළ ප්‍රකාශය සාධනීය වැදගත්කමක් ඇති බවත් පැවසූ උන්වහන්සේ ජනාධිපති පුටුවේ සිටියද ජනාධිපතිතුමන්ට දේශපාලනික වශයෙන් යම්කිසි මෙහෙයවීමක් අවශ්‍ය බවද සඳහන් කළහ.

උන්වහන්සේ තව දුරටත් කියා සිටියේ කිහිපදෙනකුගේ උඩ පැණීම් නොගැලපෙන කතා පසෙක දමා රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට සමගියෙන් කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad