තහනම් අධිබල යතුරුපැදියක් පැද්ද ප‍්‍රබල පුත‍්‍රයෙක් අත්අඩංගුවට.. නිදහස් කරන්න දැඩි බලපෑම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 15, 2021

තහනම් අධිබල යතුරුපැදියක් පැද්ද ප‍්‍රබල පුත‍්‍රයෙක් අත්අඩංගුවට.. නිදහස් කරන්න දැඩි බලපෑම් !

මෙරට මාර්ග වල ධාවනය කිරීම තහනම් කර ඇති අධි බල යතුරු පැදියක් ධාවනය කරමින් සිටි තරුණයෙකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් යතුරුපැදියේ වටිනාකමක් ලක්ෂ 25ක පමණ ආසන්න බවද පොලිසිය සඳහන් කරයි.

අනතුරුදායක ලෙස අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කරන බවත් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති තරුණයා ප‍්‍රබල ව්‍යාපාරිකයකුගේ පුත‍්‍රයෙකි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තරුණයා සහ යතුරු පැදිය මුදාගැනීමට ප‍්‍රබල පුද්ගලයන් කිහිපදෙනෙකු මහත් උත්සාහයක් දරමින් සිටින බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad