“ඔක්කොම වැඳගෙන එනවා ගන්නකං - පස්සේ ඩෝසර් කරනවා” - කජීමා වත්තට ගිය මනෝ ගනේෂන්ව එලවා දමයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 15, 2021

“ඔක්කොම වැඳගෙන එනවා ගන්නකං - පස්සේ ඩෝසර් කරනවා” - කජීමා වත්තට ගිය මනෝ ගනේෂන්ව එලවා දමයි (VIDEO)

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, කජීමා වත්තේ අද අලුයම 2.40ට පමණ ඇතිවූ ගින්නකින් නිවාස රැසක් ගිනිගෙන විනාශ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ ගින්නෙන් එම ප්‍රදේශයේ ඉදිකර තිබූ තාවකාලික නිවාස 50කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි.

පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් විසින් මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සැලවීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයට පැමිණ ගින්නෙන් වූ හානිය නිරීක්ෂණය කෙළේය.

අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාද ගින්නෙන් හානි වූ නිවාස බැලීමට පැමිණි අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණි.

මනෝ ගනේෂන් මහතා පැමිණ, "වටේ තියෙන තට්ටු නිවාස ඔක්කොම අපි හැදුවේ. කලබල වෙන්න එපා දෙනවා අපි. අපේ ආණ්ඩුව නෙවෙයි නේ. නමුත් දෙනවා දැන්," යනුවෙන් පැවසීමත් සමග එම උණුසුම් තත්ත්වය ඇති වී තිබුණි.

කැලණි නදී විහාරයේ විහාරාධිපති පූජ්‍ය අකුරැස්සේ අරියසාගර හිමි පැවසුවේ,"මන්ත්‍රීතුමා මේක දෙන්න තිබුණු කාලය දැන් ඉතින් පහු වුණා. ඒ කාලේ දුන්නේ නෑ නේ," යනුවෙනි.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ, "ඔක්කොම වැඳගෙන එනවා ගන්නකං. ඊට පස්සේ ඩෝසර් දාලා කැඩුවේ," යනුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad