හෙලිකොප්ටර් බස්සන්න මැණික් ගඟ ඉවුරේ කුඹුක් ගස් කපාදාලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 14, 2021

හෙලිකොප්ටර් බස්සන්න මැණික් ගඟ ඉවුරේ කුඹුක් ගස් කපාදාලා

කතරගම පුදබිම සහ මැණික් ගඟ දෙපස පිහිටා තිබූ කුඹුක් ගස් තොගයක්ද කපා දමා තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ පුදබිම ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් ඒ අවට සහ මැණික් ගඟ දෙපස ඇති ගස් කපා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

එලෙස කපා ඉවත්කළ ගස්වල අතු විධිමත්ව ඉවත් නොකිරීමෙන් මැණික් ගඟද අද වනවිට අපවිත්‍ර වී ඇති අයුරු දැකගත හැකිවේ.

කෙසේවුවද, මේ ගස් කපා දැමීම නිසා කතරගම දෙවොල හා කිරිවෙහෙරය වැඳපුදා ගැනීමට එහි පැමිණෙන බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට දුෂ්කරතාවයට පත්ව සිටින බවද පැවසේ.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඉන් ප්‍රදේශයේ පවතින ජල මූලාශ්‍රවලට ද බලපෑමක් ඇති වියහැකි බවයි.

පූජාභූමිය අවට ඇති විශාල කුඹුක් ගස් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සෙවණක් සලසමින් තිබුණි.

කාලයත් සමග වැඩුණු මේ කුඹුක් ගස් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර ද පිරිසිදු කරමින් ඉටු කරන්නේ මිල කළ නොහැකි සේවයකි.

කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක් ගස් මෙන්ම මී ඇතුළු දැවැන්ත ගස් කිහිපයක්ම මෙසේ කපා දමා තිබේ.

වීඩියෝව - අද දෙරණ

No comments:

Post a Comment

Post Bottom Ad