කොන්ද පණ තියෙන නායකත්වයක් ඕනෑ - අගරදගුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 15, 2021

කොන්ද පණ තියෙන නායකත්වයක් ඕනෑ - අගරදගුරු

පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බැව් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම කොමිසන් වාර්තාවෙන් යම් තොරතුරු ප‍්‍රමාණයක් හෙළිකරගෙන ඇතත් ප්‍රහාරය පසුපස සිටි අය ඊට මුදල් දුන් අය හෙළිකර ඇති බව පෙනෙන්නට නැති බවයි.

මෙරට සාමය ආරක්ෂා වීමට නම් යටිකූට්ටු දේශපාලන ව්‍යාපාර වලින් මිදිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

පිට කොන්ද තියෙන, අවංක, නීතියට ගරු කරන, නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුවොත් දඬුවම් දෙන්න ශක්තිය තියෙන නායකත්වයක් අවශ්‍ය යයිද එහිමියෝ පැවසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය අගරදගුරු තුමන් මේ බව කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad