තිස්සට දිව පැටලෙයි! සජිත් ඉදිරියේ රනිල් ගැන කියා කට වරද්දා ගනී - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 15, 2021

තිස්සට දිව පැටලෙයි! සජිත් ඉදිරියේ රනිල් ගැන කියා කට වරද්දා ගනී - (video)

“අපි දිනන්න ඕන රැල්ලට නෙමෙයි රැල්ලට දිනුවම රැල්ලකින්ම යටවෙලා යනවා. සංවිධානාත්මකව දිනන්න ඕන“ යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ හයිඩ් පිටියේදී පැවති සමගි ජන බලවේගයේ පළමු පක්ෂ සංවත්සරය අමතමිනි.

“මේ වතාවේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන සටන අපි ජයග්‍රහණය කරන්නේ ඡන්ද පොල මට්ටමින් ජයග්‍රහණය කරන ජාතික වැඩපිළිවෙලකින්“ යැයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පෙන්වා දුන් අතර එම අවස්ථාවේදී දිගින් දිගටම සභාව අමතමින් සිටියදී සජිත් ප්‍රේමදාස යැයි ප්‍රකාශ කිරීම වෙනුවට රනිල් යනුවෙන් වැරදීමකින් පැවසීය.

“බිම් මට්ටමින් ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වය දෙන අය සියලු දෙනාම ආරක්ෂා කරලා ඒ අයට නිසි තැන දෙන්න. අනාගතයේ රනිල්.......සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවකින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි තිස්ස අත්තනායක මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad