ආරක්ෂකයන් සමග ඇවිත් ඇමැති විමලවීර තර්ජනය කර අත්අඩංගුවේ සිටියකු අරන් ගියාලු | Wimalaweera Dissanayake - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 15, 2021

ආරක්ෂකයන් සමග ඇවිත් ඇමැති විමලවීර තර්ජනය කර අත්අඩංගුවේ සිටියකු අරන් ගියාලු | Wimalaweera Dissanayake

ඇමැති විමලවීර තර්ජනය කර අත්අඩංගුවේ සිටියකු අරන් ගියාලු

අම්පාර මහඔය අඩවි වන කාර්යාලයට ඇමැති ආරක්ෂකයන් පිරිවරා පැමිණි වනජීවි හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක වන නිලධාරීන්ට බැණවැදී තර්ජනය කර වන නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවකු පසුගිය 12දා මුදාගෙන ගොස් ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන නිලධාරීහු කියති.

ඇමැතිවරයා ඇතුළු පිරිස මුදාගෙන ගිය සැකකරු මහඔය ටැම්පිටිය යෝජිත රක්ෂිතයේ විශාල ප්‍රමාණයේ කැටකෑල ගස් 4ක් කපා විදුලි කියතක් යොදාගෙන කුට්ටි කරමින් සිටි පුද්ගලයකු බව අනාවරණය වී ඇත. වන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් මෙම සැකකාරු මහඔය ටැම්පිටිය පුලාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව හෙළිව තිබේ.

මෙම සැකකරු මුදාගැනීම සඳහා මහඔය අඩවි වන කාර්යාලයට කඩා වැදුණු පිරිස අතර මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද වන බව වන නිලධාරීහු කියති. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහඔය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව මහඔය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවට ඇමැතිවරයාට තොරතුරු ලැබීමෙන් පසු ඇමැති විමලවීර දිසානායක තමන්ට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහඔය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් තර්ජනය කර පහරදීමට සූදානම් වූ බවට මහඔය පොලිසියට පෙරේදා (13දා) පැමිණිලිකර ඇති බව මේ අතර මහඔය පොලිසිය ප්‍රකාශකයෙක් පැවැසීය.

අප මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති විමලවීර දිසානායකගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ වන සංරක්ෂණ නිලධාරීන් පවසන ආකාරයේ සිද්ධියක් නොවූබවය.

කුමුදු දිසානායක - බුත්තල

No comments:

Post a Comment

Post Bottom Ad