20 වෙනි සංශෝධනයට මුස්ලිම් පක්ෂවල ඡන්දය ලබාගත් අමුතුම විදියේ රහසත් සෙවිය යුතුයි - කාදිනල් හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

20 වෙනි සංශෝධනයට මුස්ලිම් පක්ෂවල ඡන්දය ලබාගත් අමුතුම විදියේ රහසත් සෙවිය යුතුයි - කාදිනල් හිමි

වත්මන් රජය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ ඡන්දය ලබාගත් අමුතුම ක්‍රමවේදය ඉතාම සැකසහිත බැවින් ඒ පිළිබඳවත් සෙවිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි. 

"20 වෙනි සංශෝධනයට ඡන්දය ලබාදීමේදී යම් ආකාරයක අමුතු ජාතියක ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුවුණා. ඒකට මොකද්ද හේතුව කියලා අපි හොයන්න ඕනෙ. ඇයි එක පක්ෂයක නායකයෙක් එක විදියකට ඡන්දය දාලා ඒ පක්ෂයේ සාමාජිකයො තුන් දෙනෙක් අනිත් විදියට දැම්මෙ කියලා. එතකොට මොකද්ද ඒකට රහස, මොකද්ද ඒවා හොයන්න ඕනෙ. එතකොට අනිත් එක මේ 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න දාන්නෙ යම් ආකාරයක මුස්ලිම් ඡන්ද මට ඕනෙ නැහැයි කියාපු කෙනෙක් සම්බන්ධව. කොහොමද එතකොට ඒ වෙනස ඇතිවෙන්නෙ ? එතකොට අපට සාධාරණ සැකයක් ඇතිවෙනවා මේ තුළ යම් ආකාරයක ඩීල් එකක් තියෙනවා කියලා" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad