රිෂාඩ් හා රියාජ් දින 90ක් රඳවා ගැනීමට අවසර ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 26, 2021

රිෂාඩ් හා රියාජ් දින 90ක් රඳවා ගැනීමට අවසර !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අද සිට දින 90 ක් රඳවා තබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
පසුගිය 24 වැනිදා අලුයම අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා පැය 72 ක් රඳවා තබා ගැනීමට මීට පෙර අධිකරණයෙන් අවසර හිමිව තිබූ අතර එම අවසරය අද (27) දිනයෙන් අවසන් වේ.

තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් අද සිට දින 90 ක් සැකකරුවන් දෙදෙනා රඳවා තබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවී ඇති බව පැවසේ.

 
මොවුන් රඳවාගෙන ප්‍රශ්නකරනු ලබන්නේ පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීමේ චෝදනා මත යැයිද පොලිසිය කියා සිටී. 

No comments:

Post a Comment

Post Bottom Ad