තුන්වන රැල්ල අරඹුනා.. කරාමය වසා දමන්න… නැතොත් ආර්ථිකය ඉවරෙටම ඉවරයි..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 24, 2021

තුන්වන රැල්ල අරඹුනා.. කරාමය වසා දමන්න… නැතොත් ආර්ථිකය ඉවරෙටම ඉවරයි..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

මේ වන විට ශ්‍රී ලංකාව කොරෝනා තුන්වන රැල්ලක ආරම්භක අවස්ථාවේ සිටින බවත් මෙය ඉතාමත් අවදානම් අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඉහළම තැන්වලට දැනුම් දී ඇති බවයි.

දෙරණ රූපවාහිනිය සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

එම සාකච්ඡාවට සම්බන්ධ වෙමින්සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කියා සිටියේ මෙවර වෛරසය පැතිරී ගියහොත් ආර්ථිකය නැත්තටම නැති වී යා හැකි බවයි.

එනිසා පැලැස්තර නොදා කරාමය වසා දමා පැතිරීම පාලනය කරන්නැයිද ඇය ඉල්ලා සිටියා ය.

No comments:

Post a Comment

Post Bottom Ad