කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 25, 2021

කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්

නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු  අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පස්වරුවේ නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදි පැවැත්විණ.

නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් ගණනාවක්ද පැවැත් වු අතර, සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු එම නගර සභාවේ කම්කරුවන් කිහිප දෙනෙකු   ට දිවා ආහාරය සමග මිලිලිටර් 175 ක මත්පැන් බෝතලයක්ද ලබාදිමට අවුරුදු උත්සව කමිටුවේ නිලධාරින් කටයුතු කර තිබුණි.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු සේවකයින් වැඩි පිරිසක් නිරෝධායන උපදෙස් වලට පටහැනිව සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වි සිටි බවයි නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ සංචාරයේ යෙදුණු පිරිස් කියා සිටින්නේ.

නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුල නුරඑලියට පැමිණ සිටි අතර,එසේ පැමිණි විශාල පිරිසක්ද නිරෝධායන උපදෙස්වලට පටහැනිව සංචාරය කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

සති අන්ත දිර්ඝ නිවඩුවට නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම නිවාඩු නිකේතන , සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල සංචාරකයන්ගෙන් පිරි තිබු බවද පැවසේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad