මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් ගැන අවධානයෙන් පසුවන්න - ළමා රෝහලේ අධ්‍යක්ෂක දෙමව්පියන්ගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් ගැන අවධානයෙන් පසුවන්න - ළමා රෝහලේ අධ්‍යක්ෂක දෙමව්පියන්ගෙන් ඉල්ලයි

උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතුළු යම් කිසි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන දරුවන් නිවසේ තබාගෙන නොසිට නොපමාව රෝහලට රැගෙන එන්නැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා දෙමාපින්ගෙන් ඉල්ලා සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ ළමා රෝහලේ සුදානම පිළිබඳව ළමා රෝහල් අධ්‍යක්‍ෂවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු එම ඉල්ලීම කළේ.

මෙහිදී තවදුරටත් අදහස පළකර සිටි රෝහල් අධ්‍යක්ෂකවරයා,

ළමා රෝහල තුළ මේ වෙනකොට කිසිදු කොවිඞ් ළමා රෝගියෙක් ප‍්‍රතිකාර ලබන්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොට පවතින තත්ත්වය හමුවේ සුදානමින් ඉන්නේ. උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ වෙනත් යම්කිසි රෝග ලක්‍ෂණයක් තියෙනවානම් දරුවන් රෝහලට ගේන්න ප‍්‍රමාද කරන්න එපා. මීට පෙර දැක්කා ප‍්‍රමාදවීම් නිසා රෝහලට රැගෙන ආපු දරුවන් අනවශ්‍ය ලෙස මියයාම. ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා දෙමාපින්ගෙන් ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad