රක්ෂිතයක අක්කර 36 ක් එලිපෙහෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

රක්ෂිතයක අක්කර 36 ක් එලිපෙහෙලි කරයි

වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ මුසල්කුට්ටි රක්ෂිත ප්‍රදේශයේ ඉතා රහසිගතිව පස්කපන යන්ත්‍ර යොදා ගනිමින් මහපරිමාණයෙන් රක්ෂිතයක් රලිපෙහෙලි කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුසල්කුට්ටි රක්ෂිතයේ සිදුකරන ලද වැටලීමකදී රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.

ඒ වන විටත් අදාල සැකකරුවන් විසින් මුසල්කුට්ටි රක්ෂිතයේ අක්කර 36 ක පමණ භූමියක් සම්පූරණයෙන්ම එලිපෙහෙලි කොට තිබූ බවටද රක්ෂිතය එලි පෙහෙලි කිරීම සඳහා යොදාගත් කැටපිලර් යන්ත්‍ර 04 ක්ද අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අවුරුදු 28 ත් 40 ත් අතර පසුවන පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, මරඳන්කඩවල සහ මලුතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ සිදුකිරීම සඳහා සෙට්ටිකුලම් පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගත් බවටද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad