මෛත්‍රී හදිසි සාකච්ඡාවක් කැඳවයි! ආණ්ඩුව ගැන තීරණයට සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

මෛත්‍රී හදිසි සාකච්ඡාවක් කැඳවයි! ආණ්ඩුව ගැන තීරණයට සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත්තේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබදවයි.

ඒ අනුව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයකු වශයෙන් ද, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන්ද, කටයුතු කරන ගම්මන්පිල මහතා වෙනුවෙන් පක්ෂයක් වශයෙන් මේ මොහොතේ පෙනී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී ඇතැයි වාර්තා වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad